අරිසිමලය වන සේනාසනය හෙවත් ආසිරිකන්ද රජමහා විහාරය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුල්මුඩේ ප්‍රදේශයේ වෙරළාසන්නව පවතින අරිසිමලය කඳු වැටියේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වූ පනහකට වැඩි බෞද්ධ ආරාමික සංකීර්ණයක මූලස්ථානය වේ.
මෙය අති රමණීය පරිසරයකින් යුක්ත ව මෙන් ම දර්ශනීය වෙරළ තීරයකින් වට වී පවතින, අදත් සිය දහස් ගණන් භික්ෂුන් වහන්සේලා පිළිවෙත් පුරමින් තමන් ගේ ශ්‍රමණ කෘත්‍යය සම්පුර්ණ කර ගන්නා ලක්දිව බුද්ධ ශාසනයේ ප්‍රධාන කේෂ්ම භූමියකි.
බුදුරජාණන් වහන්සේ ගේ කේශ ධාතු රැගෙන ලක්දිවට පළමුව පැමිණි, ලොව පළමුව බුදුන් සහ දහම් සරණ ගිය තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් දෙදෙනා මෙම අරිසිමලය වන සේනාසනය හෙවත් ආසිරිකන්ද රජමහා විහාරය පිහිටා ඇති වෙරළ තීරණයෙන් ගොඩ බැස, අනතුරුව තිරියාය වෙත ගමන් කළ බව විශ්වාස කෙරේ.
රහතුන් සිය දහස් ගණනක ගේ පාද ස්පර්ශයෙන් පූජනීය වූ මේ පින්බිමේ තවමත් පුරාණ චෛත්‍යය, ගොඩනැගිලි, සඳකඩ පහන්, භාවනා ආසන, ගල්කණු වැනි විවිධ වටිනාකමින් යුක්ත පුරාවිද්‍යා නටඹුන් රැසක් ඔබට දැකගන්නට හැකියාව තිබේ.
උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය හොබවන මෙම ස්ථානයේ වර්ථමාන නිර්මාතෘ මෙන් ම සේනාසන සංචිතාධිපති වන පූජනීය පනාමුරේ තිලකවංශ නායක මා හිමිපාණන් වහන්සේ නොයෙක් දුෂ්කරතා මැද මෙහි ශාසනික සේවය ආරම්භ කොට ඇති අතර, වර්ථමානය වන විට සේනාසන 50 කට අධික ගණනාවක් සහ අප්‍රමාණ භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් මෙන් ම ලක්දිව චිර ප්‍රසිද්ධ ධර්ම කථික, ධර්ම දේශක හිමිවරු, නිවන් මග වඩන, නිවන් මග දේශනා කරන කර්මස්ථානාචාර්යවරු බොහෝ ප්‍රමාණයක් මෙම අරිසිමලය වන සෙනසුන මූලිකව සසුනට දායාද වී ඇතිවා මෙන් ම, අද ද සිය දහස් ගණන් භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් මෙම සේනාසන සංචිතය තුළ ගුණ පිළිවෙත් පුරමින් සිටිති.
එහි සම්පූර්ණ ඉතිහාස කථාව ඔබට මෙම පහත දැක්වෙන වීඩියෝව හරහා එහි නිර්මාතෘ මෙන් ම සංචිතාධිපති නායක ස්වාමීන් වහන්සේ ගෙන් පහත සඳහන් වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකි ය.