විදුලි බිල් සහා දායකත්වයන් -
සේනාසන 50 කට අධික සේනාසන වල පිළිවෙත් පුරන මහා සංඝයා වහන්සේලා පරිභෝජනය කරන විදුලිය සඳහා වූ විදුලි බිල් ගෙවීම මෙම නැගෙනහිර පළාතේ ඉතාම දුෂ්කර කාරණාවක් වෙයි. ඒ සිංහල බෞද්ධ ජනතාව මෙම ප්‍රදේශ වල ඉතා ම අඩු බැවිනි. මෙතෙක් කල් මේ සේනාසන වල නඩත්තු කටයුතු කලේ ලොව පුරා වෙසෙන සැදැහැති බෞද්ධයන් ගේ දායකත්වයන් වලිනි. ඔබටත් මේ උතුම් පින්කම සඳහා දායක විය හැකි ය.
ඒ සඳහා අමතන්න - 070 4512333
තපස්සු භල්ලුක මහා සෑ දායකත්වයන් -
තපස්සු භල්ලුක මහා සෑය යනු ලක්දිව පිහිටි සුවිශේෂී ම පරිසර පද්ධතියක ඉදි වී ඇති රමණීය චෛත්‍යරාජයාණන් වහන්සේ නමකි. ඒ ගැන වැඩි විස්තර මෙම ස්ථානයෙන් දැක ගත හැකි අතර ඒ සඳහා දායක වීමට ඔබටත් හැකියාව ඇත.
තපස්සු භල්ලුක මහා සෑය - කියවන්න..
භික්ෂුන් වහන්සේලා ගේ ප්‍රත්‍යය සඳහා දායකත්වයන් -
සිංහල හෝ බෞද්ධ ජනයා නොමැති වූවත් හුදකලාව සහ නිදහස ප්‍රිය කරන සිය ගණනක් භික්ෂුන් වහන්සේලා අරිසිමල සේනාසන සංචිතයේ ඇති දහස් ගණනක් වූ ගල් ලෙන් තුළ තවමත් පිළිවෙත් පුරමින් වැඩ වසන අතර උන් වහන්සේලා ගේ දුෂ්කරව සපුරන සිවුපසයන් කෙරෙහි ඔබට දායක වීමට හැකියාව ඇත.
ඒ සඳහා අමතන්න - 070 4512333 - 026 3266600
වෙනත් දායකත්වයන්
වෙනත් ඕනෑ ම ආකාරයේ දායකත්වයක් ගැන දැනුවත් වීමට සහ දාන මාන භාරගැනීම, කුටි සෙනසුන් ඉදිකිරීම වැනි පින්කම් ගැන දැනගැනීමටත් ඔබට හැකියාව ඇත.
ඒ සඳහා අමතන්න - 070 4512333 - 026 3266600
ඔබට අවශය ඕනෑ ම තොරතුරක් දැන ගැනීම සඳහා අපව අමතන්න